සභාවේ කටයුතු |
දිනය : | 2009-08-06 |
ගරු අනන්ද ලක්ෂ්මන් විජේමාන්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)
පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)
පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දැනට පවත්නා තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
2010 පෙබරවාරි මස 28 වැනි දින දක්වා කාල සීමාව තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
ගරු නිරූපමා රාජපක්ෂ මහත්මියට "බෝධිරාජාරාම අධ්‍යාපනික හා සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2009 අගෝස්තු මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.
ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 64 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 71 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 07 ක් ප්‍රකාශ විය.
අනතුරුව, සභාව පැය 1630 ට 2009 අගෝස්තු මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම