2023 ජූලි මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-07-07 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
B : රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
C : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ (වෙළුම I-සාමාන්‍ය අධ්‍යාපනය, වෙළුම II-උසස් අධ්‍යාපනය සහ වෙළුම III-නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් හි) වාර්ෂික කාර්ය සාධන වාර්තා
(iii) 2022 වර්ෂය සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජයන්ත සමරවීර මහතා
(ii) ගරු යදාමිණී ගුණවර්ධන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
පීපල්ස් ලීසිං සමාගම විසින් ෆස්ට් කැපිටල් හෝල්ඩිංස් සමාගමේ කොටස් මිලදී ගැනීමට සූදානම් වීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 21 සහ 22 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) උදර්පණ පනත යටතේ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වතු නිවාස සහ වතු පේලි නිවාස සඳහා ලිපින ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වරුණ ලියනගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1643 ට 2023 ජූලි මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






