2023 ජූලි මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-07-05 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා කාරක සභා රැස්වීම්වලට සහභාගී වීම පිළිබඳව තීරණය
B : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(v) 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා
(vi) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ix) 2021 වර්ෂය සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව
(x) 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi) 2021 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xii) 2021 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xiii) 2022 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiv) 2015, 2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා හා ගිණුම් ප්‍රකාශන
(xv) 2022 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvi) 2022 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvii) 2022 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xviii) 2022 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xix) 2020 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව
(xx) 2022 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxi) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(2023 මාර්තු 28 දිනැති අංක 2325/07 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xxii) 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.05.01 සිට 2023.05.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xxiii) 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1) (ණඋ), (ණඌ) සහ (ත) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxiv) 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 6, 7, 8, 9 සහ 10 වගන්ති සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 පෙබරවාරි 01 දිනැති අංක 2317/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxv) 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1) (ණඉ) වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 පෙබරවාරි 13 දිනැති අංක 2319/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxvi) 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61 වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 පෙබරවාරි 13 දිනැති අංක 2319/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxvii) 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1) (ද) වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 පෙබරවාරි 13 දිනැති අංක 2319/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxviii) (188 වන අධිකාරය වූ) 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 46 වගන්තිය සමඟ කියවිය යුතු 47(1) වගන්තිය යටතේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 මැයි 25 දින ඉදිරිපත් කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ප්‍රසන්න රණවීර මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.
(v) මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ලලිත් වර්ණ කුමාර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය
(ii) ගරු ගාමිණී ලොකුගේ මහතා
(iii) ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා
(iv) ගරු බුද්ධික පතිරණ මහතා
(v) ගරු නීතිඥ මධුර විතානගේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අක්‍රමිකතා
ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ධීවර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
(ii) 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ආයුර්වේද (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) ප්‍රාදේශීය සභා (සංශෝධන)
(ii) නගර සභා (සංශෝධන)
(iii) මහ නගර සභා (සංශෝධන)
නමැති පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු ජයන්ත කැටගොඩ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(ii) ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(iii) අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව (2020)
(iv) අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව (2021)
(v) අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2021)
(vi) අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2019)
(vii) අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2020)
(viii) ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2020/2021)
කල් තැබීමේ යෝජනාව
“අධිකරණවල නඩු කටයුතු ප්‍රමාදය හා එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 ජූලි මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






