ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය වැඩි ඡන්දයෙන් සම්මතයි

දිනය : 2023-07-01

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (ජූලි 01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.

අද පෙ.ව. 9.30 සිට ප.ව. 7.30 දක්වා මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී මීට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් හිමිවිය.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව අද දින පෙ.ව. 9.30 ට රැස්විය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි