ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජුනි මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-06-21

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii)    2022 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍යේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(iv)    2022 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)    2020 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vi)    2021 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(viii)    2020 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ix)    2022 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(x)    2022 වර්ෂය සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

(xi)    1974 අංක 35 දරන රේගු (සං‍ශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සං‍ශෝධිත රේගු ආඥාපනතේ (235 වැනි අධිකාරය වන) 19(අ) වගන්තිය යටතේ රේගු තීරු බදු ඉවත් කිරීම් සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 මැයි 30 දිනැති අංක 2334/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ප්‍රසන්න රණතුංග මහතා                    
(ii)    ගරු කනක හේරත් මහතා                    
(iii)    ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා                    
(iv)    ගරු නිපුණ රණවක මහතා               -      පෙත්සම් තුනයි 
                  
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ජනමාධ්‍ය නියාමනය කිරීම

ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට‍ 4 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 1 සහ 2 විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී. අයිතම අංක 3 සහ 4 සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    දූෂණ විරෝධී පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii)    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii)    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(iv)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1739 ට 2023 ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි