ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජුනි මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-06-09

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එච්ඩීඑෆ්සී බැංකුවේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)    2022 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(vi)    2021 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii)    2022 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(viii)    2022 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix)     සහ 2019 වර්ෂ සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තා
(x)    2022 වර්ෂය සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xi)    2015, 2016  සහ 2017 වර්ෂ සඳහා සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
(xii)    2019/2020 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii)    2021/2022 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව
(xiv)    2022 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපා‍ර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ඩී. වීරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු දයාසිරි ජයසේකර මහතා                    
(ii)    ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
(iii)    ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා 
                   
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධානවල සහ 2023 මැයි 12 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කථානායකවරයා විසින් පත්කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි (20) දෙනෙකුගෙන් සමන්විත විය යුතු ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“එකතු කළ අගය මත බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඉරාන් වික්‍රමරත්න මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

•    රජයේ සියලු ආයතන රජය සතු ගොඩනැගිලිවල ස්ථානගත කිරීම

මහජනතාවගේ බදු මුදලින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික ගොඩනැගිලිවල ස්ථාපිත කිරීමෙන් විශාල මුදලක් අනවශ්‍ය ලෙස වියදම් වන හෙයින් ද, එම ආයතන, රාජ්‍ය ගොඩනැගිලි තුළ ස්ථාපිත කිරීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන හෙයින් ද, සියලුම රාජ්‍ය ආයතන රජය සතු ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කිරීමට රජය විසින් කටයුතු කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝගවලට වන සතුන්ගෙන් විශාල හානි සිදුවන හෙයින් ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්තා අනුව වන සතුන් හේතුවෙන් සිදුවන වගා හානිය වාර්ෂිකව 40% ක් පමණ එනම්, රුපියල් කෝටි 1800 ඉක්මවන හෙයින් ද,  මේ අතරින් රිලවුන්ගෙන් කෘෂි වගාවන්ට සිදුවන හානි ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් මෙරට ගොවි ජනතාවට මෙන්ම ර‍ටේ ජාතික ආර්ථිකයට ඍජුවම බලපෑම් සිදුවන හෙයින් ද,   ශ්‍රී ලංකාව බෞද්ධ මෙන්ම අවිහිංසාවාදී සංස්කෘතියකින් හෙබි රටක් වශයෙන් රිලවුන් විනාශ කිරීම මඟින් මෙම ගැටලුව විසඳීම අනුමත කළ නොහැකි හෙයින් ද, විද්‍යාත්මක ක්‍රමවේදයක් මඟින් රිලවුන් ගහනය පාලනය කිරීම සඳහා යෝග්‍ය වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම

ශ්‍රී ලංකාවේ සහල් මිල පාලනය කිරීමට හැකියාව ඇති සුළු හා මධ්‍ය පරිමාණ සහල් ‍මෝල් හිමියන් වර්තමානය වනවිට දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බැවින්, එම ගැටලු විසඳීමට කඩිනමින් වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම

විෂ සහිත ආහාර පරිභෝජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ආයුකාලය කෙටි වීම මෙන්ම දරුණු රෝගාබාධවලට ලක්වීම ද සිදුවන බව විවිධ ආයතන විසින් පෙන්වා දී ඇති හෙයින් ‍පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම තුළින් ශාරීරික සෞඛ්‍ය හා නීරෝගිබව වර්ධනය කර ගත හැකි බව අ‍වබෝධ කරවිය හැකි පරිදි ළමුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් සෞඛ්‍ය අංශ සමඟ ඒකාබද්ධව ර‍ජය විසින් සකස් කොට ක්‍රියාත්මක කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු උද්දික ප්‍රේමරත්න මහතා
(ii)    ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1508 ට 2023 ජුනි මස 20 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි