ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජුනි මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-06-08

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(v)    2022 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (කච්චේරිය) වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi)    2022 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(vii)    2022 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධනය සහ ගිණුම් වාර්තාව
(viii)    2022 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ix)    2022 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x)    2022 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ටිරාන් අලස් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු හේෂා විතානගේ මහතා                    
(ii)    ගරු කුමාරසිරි රත්නායක මහතා    
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
තේ කර්මාන්තය මුහුණපාන ගැටලු

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ ගරු කෘෂිකර්ම අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය
(ii)    වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග
(iii)    ආගාමික හා විගාමික පනත යටතේ නියෝග
(iv)    ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019)
(v)    ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020)
(vi)    හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පී.එල්.සී. ආයතනයේ වාර්ෂික වාර්තාව (2017)
(vii)    හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පී.එල්.සී. ආයතනයේ වාර්ෂික වාර්තාව (2018)
(viii)    හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පී.එල්.සී. ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(ix)    හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පී.එල්.සී. ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(x)    හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පී.එල්.සී. ආයතනයේ වාර්ෂික වාර්තාව (2021)
(xi)    රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධ යෝජනාව

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ආගමික කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු නියාමනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මිලාන් ජයතිලක මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1616 ට 2023 ජුනි මස 09 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි