ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 මැයි මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-05-25

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
B : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) වි‍‍‍‍‍‍‍‍ජයදාස රාජපක්ෂ මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය    
C : සත්ව සුබසාධනය සඳහා වන පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2018 සහ 2019 වර්ෂ සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(iii)    2020 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(v)    2021 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල සංචාරක අමාත්‍යාංශය සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජල සම්පාදන අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, කාරක සභාවේ සාමාජික, ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, කාරක සභාවේ සාමාජික, ගරු කපිල අතුකෝරල මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු දුමින්ද දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු කුමාර වෙල්ගම මහතා     -  පෙත්සම් දෙකයි
(ii)    ගරු උදයන කිරිඳිගොඩ මහතා                    
(iii)    ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා       
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ව්‍යාපාර සහ කර්මාන්ත ක්ෂේත්‍ර මුහුණ පා ඇති ගැටලු

ගරු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයෙන් කොටසකට පිළිතුරු දුන්නේ ය.

 

සේවය ඇගයීමේ යෝජනාව

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා සහ ගරු විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා විසින් විශ්‍රාමික පාර්ලිමේන්තුවේ මහලේකම් වරුණ බණ්ඩාර ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    මුදල් පනත යටතේ නියමය    
(ii)    මුදල් පනත යටතේ නියෝග    
(iii)    මුදල් පනත යටතේ නියෝගය
(iv)    මුදල් පනත යටතේ නියෝග
(v)    දේශීය ආදායම් පනත යටතේ යෝජනාව

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඉඩම් සහ වැව්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 මැයි මස 26 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි