ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 මැයි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-05-24

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIX කොටස;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXIII හා XXIV කොටස්; සහ
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXV හා XXXVI කොටස් සහ තෙවැනි කාණ්ඩයේ XVII කොටස


(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 02 කොටස 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තා
(ii)    2021 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii)    2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(v)    2020/2021 වර්ෂය සඳහා බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)    2021 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව
(viii)    2021 වර්ෂය සඳහා උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix)    2019 වර්ෂය සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(x)    2021 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xi)    2019 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(xii)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xiii)    2021 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව

(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු විජිත බේරුගොඩ මහතා  
                
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු ජගත් සමරවික්‍රම මහතා
උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරයා තමන්ට දුරකථන ඇමතුමකින් තර්ජනය කිරීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(ii)    2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 7 වගන්තිය යටතේ එකී කොමිෂන් සභාවේ තත්කාලීන සභාපති ධුරය හා සාමාජිකත්වය දරන ජේ.ඩබ්ලිව්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එම සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාව - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 123; විරුද්ධව 77)

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
(ii)    ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2023 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි