ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-06-23

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල යනුවෙන් හඳුන්වනු ලබන භාර අරමුදලක් පිහිටුවීම පිණිස ද, එහි අරමුණු හා බලතල නිශ්චය කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ගරු මනෝ විජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන ඉහත විෂය සභාව විසින් සම්මත කරන ලදී.


සිහළ සරණ පිං කැටය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"කල් පසු වූ ගෙවීම් සඳහා විදුලිය විසන්ධි කිරීමේ ගාස්තු" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1217 ට 2009 ජූනි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි