ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-05-07

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවට මතු කරන ලද කරුණු, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලදී:-

  • ගරු අන්නමලෛ නඩේසු සිවශක්ති මහතා

  • ගරු දයාසිරි ජයසේකර මහතා

  • ගරු පාලිත රංගෙ බණ්ඩාර මහතා

  • ගරු සී. චන්ද්‍රනේරු මහතා

  • ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. අංක (i) විෂය සංශෝධන සහිතව සම්මත විය;

(i) ශ්‍රී ලංකා භූ දර්ශන නිර්මාණ ශිල්පී ආයතනය පනත් කෙටුම්පත
(ii) පස සංරක්ෂණ පනත යටතේ නියෝග දෙකක්
(iii) ශාක ආරක්ෂක පනත යටතේ නියෝග



කල් තැබීමේ යෝජනාව

"රටේ ආර්ථිකය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1630 ට 2009 මැයි මස 19 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි