සභාවේ කටයුතු |
දිනය : | 2009-05-05 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;
වත්කම්වලින් ආවරණය වූ සුරැකුම්කරණය විධිමත් කිරීමේ
ප්‍රාග්ධන වෙළෙඳපොළ දියුණු කිරිම සඳහා යාන්ත්‍රණයක් වශයෙන් සුරැකුම්කරණය සඳහා පහසුකම් සැලැස්වීම සඳහා ද; සුරැකුම්කරණ ප්‍රවාහක නිර්මාණය කිරීම සඳහා සහ වත්කම්වලින් ආවරණය වූ සුරැකුම්පත්වල ආයෝජකයන් සම්බන්ධයෙන් වූ වගකීම් පහසුකරලීම සඳහා ද; සුරැකුම්කරණ කර්මාන්තයේ යෙදී සිටින උත්පාදකයන් සහ මූල්‍ය අතරමැදියන්ගේ ක්‍රියාකාරකම් ක්‍රමවත් කිරීම සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස.
සුරක්ෂිතලත් ගනුදෙනු
චංචල දේපළ සම්බන්ධයෙන් වගකීම් සුරක්ෂිත කිරීම, සුරක්ෂිතලත් ගනුදෙනු පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යාම සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.
රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන)
2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන)
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2009 මැයි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු බවට වන ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.
ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 74 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 88 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 14 ක් ප්‍රකාශ විය.
අනතුරුව, සභාව පැය 1632 ට 2009 මැයි මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම