ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හුංගම විජයබා විද්‍යාලයේදී

දිනය : 2023-01-10

පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම විජයබා විද්‍යාලයේදී ඊයේ (ජන. 09) පැවැත්විණි.

පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ පාසැල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා සහ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

හුංගම විජයබා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සහිකයන්, ශිෂ්‍ය නායකයින් ඇතුළු ආරාධිත පාසල් 5ක ශිෂ්‍ය ශිෂ්‍යාවෝද සහභාගී වූහ.

මෙහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයෙකුගේ කාර්යභාරය පිළිබඳ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් දේශනයක් සිදු කළ අතර එහිදී ඒ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරන බවත් මාධ්‍ය මගින් එය නිසියාකාරව පුරවැසියන් වෙත සන්නිවේදනය නොකරන බවත්ය. මේ නිසා පාර්ලිමේන්තුව පිළිබඳ පුරවැසියන් තුළ ගොඩැනැගී ඇති ආකල්පය එතරම් යහපත් නොවන බවයි. එබැවින් මාධ්‍ය මගින් පාර්ලිමේන්තුව සිදු කරන කාර්යභාරය නිවැරදිව ජනතාව වෙත ගෙනයාමේ වැදගත්කම ද ඒ මහතා සඳහන් කරන ලදී.

එසේම  අපේ පාර්ලිමේන්තුව සහ අනාගත පුරවැසියාගේ දායකත්වය යන මාතෘකාව යටතේ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා සිය දේශනය සිදුකළ අතර, පාර්ලිමේන්තුවේ කාර්යභාරය හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය යන මාතෘකාව යටතේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් සිය දේශනය ඉදිරිපත් කරන ලදී.

මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව සිදු කරන ලද දැනුවත් කිරීම් පෙළක තවත් අදියරකි.

 

1 2

3 4

5 6

7 8

9 10

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි