සභාවේ කටයුතු |
දිනය : | 2009-04-21 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
මාර්ග සංවර්ධන අධිකාරිය (සංශෝධන)
ගරු අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් මාර්ග සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
"එස්. බී. නාවින්න පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"
ගරු විජයදාස රාජපක්ෂ මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 10 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී :-
(i) පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(තුන්වැනි වර කියවීම සඳහා ඡන්ද විමසීමක් ගෙන වැඩි ඡන්ද 54 කින් සම්මත විය)
(iii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
(iv) විසර්ජන පනත යටතේ යෝජනාව
(v) රේගු ආඥා පනත යටතේ යෝජනාව
(vi) විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්
(vii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 37, 38 සහ 40 වශයෙන් සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-
(i) බණ්ඩාරගම වික්‍රමශිලා ධර්මායතන සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර ව්‍යවස්ථාදායක "ඒ" ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී.
(ii) සමාජ සහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර ව්‍යවස්ථාදායක "ඒ" ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී.
(iii) විශේෂ අවශ්‍යතා සහිත වූ ළමයින් සඳහා වූ කෝසල දුල්ලෑව පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 32 "වෛද්‍ය ආඥා පනත යටතේ නියෝග, - විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2006 ඔක්තෝබර් 03)" පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් සභාවේ අවසරය ඇතුව ඉල්ලා අස්කර ගන්නා ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"'ගෝල්ඩන් කී' ක්‍රෙඩිට් කාඩ් පත් ප්‍රශ්නය සහ මූල්‍ය අංශ අර්බුද" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1625 ට 2009 මැයි මස 05 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






