ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-04-07

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවට පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;

ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු (විශේෂ විධිවිධාන)

කාලය අනුව තීරණය කරනු ලබන ආකාරයකට ගෙවීම් පැහැර හැර ඇති බදු අයකර ගැනීම පිණිස ක්‍රමවත් සහ කඩිනම් ක්‍රියාවලියක් සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; යම් අවස්ථාවන්හි දී පැහැර හැර ඇති බදු කපා හැරීම සඳහා ද; ඊට සම්බන්ධ හා ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා.

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)

2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා.


ශ්‍රී ලංකා භූ දර්ශන නිර්මාණ ශිල්පී ආයතනය

නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා භූ දර්ශන නිර්මාණ ශිල්පී ආයතනය පිහිටුවීම සහ එයට සම්බන්ධ වූ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2008 නොවැම්බර් මස 11 වැනි දින සහ ඔක්තෝබර් මස 22 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනා ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

අතිගරු ජනාධිපතිතුමා විසින් 1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කරන ලද ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2009 අප්‍රේල් මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු බවට වන යෝජනාව ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 81 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 11 ක් ප්‍රකාශ විය.


අනතුරුව, සභාව පැය 1635 ට 2009 අප්‍රේල් මස 20 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි