ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-03-17

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවට පාර්ලිමේන්තුවේ ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-
  • දේශීය ආදායම් (සංශෝධන) - 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා.
  • එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා.
  • ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) - 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා.
  • මුදල් (සංශෝධන) - 2002 අංක 11 දරන මුදල් පනත සහ 2004 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා.
  • මුදල් (සංශෝධන) - 2005 අංක 5 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා.
  • හරබදු (සංශෝධන) - 2002 අංක 16 දරන හරබදු පනත සංශෝධනය කිරීම සඳහා.
  • නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) (සංශෝධන) - 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා.
ගරු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යතුමා‍ විසින් 2007 අංක 55 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පහත පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී:-

පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) (සංශෝධන)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ රෙගුලාසි
(ii) ගොවිජන සංවර්ධන පනත යටතේ නියෝග



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට ලබා දෙන සහන" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1605 ට 2009 මාර්තු මස 18 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි