ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වේ

දිනය : 2022-10-21

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් අද (ඔක්. 21) සම්මත විය.

මෙහිදී පනත් කෙටුම්පත දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට  පක්ෂව ඡන්ද 179 ක්  ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1 ලැබුණි. එසේ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා විසිනි.

අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට එහෙහිව ගොනු කළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පතට සංශෝධන එක්විය. මෙහිදී තෙවනවර කියවීම සදහා ඡන්ද විමසීමක් පැවති අතර ඊට පක්ෂව ඡන්ද 174 ක් හිමි විය. විපක්ෂව ඡන්ද 1ක් හිමි විය.

මේ අනුව 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබාගැනීම සිදු විය.

මේ අනුව ඊයේ (20) සහ අද (21) යන දෙදින විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.

තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිවේදනය කිරීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටි වශයෙන් සදහන් වූයේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් බව කථානායකතුමාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් දන්වා සිටිනු ලැබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි