අගමැතිවරයාගේ 'ජාතික සභාව' යෝජනාව විරෝධතාවයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි |
දිනය : | 2022-09-21 |
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළ, 'ජාතික සභාව' පිහිටුවීමේ යෝජනාව විරෝධතාවයකින් තොරව පාර්ලිමේන්තුවේදී 2022.09.20 දින සම්මත විය. ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනය වන පරිදි 'ජාතික සභාව' පිහිටුවනු ලැබේ. මේ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට 3ක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුන අතර එහිදී මේ සඳහා සියලු පක්ෂවල එකඟතාව ලැබිණි.
මෙම යෝජනාව 2022.09.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, 'ජාතික සභාවේ' අධිකාර බලය සහ පොදු වගකීම් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම, ඉන් එකකි.
ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම, තවත් වගකීමකි.
අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමද මීට පැවරේ.
ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද 'ජාතික සභාව' ට හිමිවේ.
මෙහි ප්‍රධානත්වය කථානායකතුමාට හිමිවන අතර අග්‍රාමාත්‍යතුමා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශවයේ නායකවරයා, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස්පහකට (35) නොවැඩි සංඛ්‍යාවක් මෙහි සාමාජිකයන් වන බව යෝජනාවේ සඳහන් වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







