පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියන් ඇතුළු සිවිල් ක්‍රියාකාරී නායිකාවෝ සියයක් පාර්ලිමේන්තුවට |
දිනය : | 2022-09-20 |
දැනට පළාත් පාලන නියෝජනය කරන මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය සහ දැනුවත්බව වැඩි දියුණු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා විරුද්ධ පාර්ශවයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා, පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකරු නිම්මි හාතියල්දෙණිය සහ මහජන සේවා කළමනාකරු බුද්ධිනී රාමනායක යන මහත්ම මහත්මීහු මෙහිදී සම්පත් දායකයන් ලෙස කටයුතු කළහ.
මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ කාන්තාවගේ භූමිකාව, නීති සම්පාදනය ඇතුළු පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැති අතර සිංහල සහ දමිළ යන මාධ්‍ය ද්විත්වයෙන්ම වැඩසටහන පවත්වන ලදී.
ඊට අමතරව පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කර තිබිණි.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (National Democratic Institute / NDI) අනුග්‍රහය දක්වන ලද මෙම වැඩසටහනට පැෆරල් සංවිධානය ද සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබා දී ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














