සභාවේ කටයුතු |
දිනය : | 2008-12-08 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ජාතිය ගොඩනැඟීමේ බදු පනත් කෙටුම්පත (හදිසි පනත් කෙටුම්පත)
අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවට පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් මේ පනත අදාළ වන සෑම තැනැත්තකුගේම බද්දට යටත් පිරිවැටුම මත ජාතිය ගොඩනැගීමේ බද්ද යනුවෙන් හඳුන්වනු ලබන බද්දක් පැනවීම සහ රැස් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව
2009 විසර්ජන පනත් කෙටුම්පතේ විසිතුන්වැනි වෙන්කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය දෙසැම්බර් 05)
2009 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුව විසින් අද දින වැඩි ඡන්ද 42 කින් සම්මත කරන ලදී.
වැඩි විස්තර සඳහා, 'අයවැය 2009' කොටස බලන්න.
පහත විෂයයන් ද (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 21 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. නම් අනුව ගත් ඡන්ද විමසීමේ දී අද දින න්‍යාය පත්‍රයේ අංක 20 දරන විෂය සභාව විසින් වැඩි ඡන්ද 39 කින් සම්මත කරන ලදී:-
- දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
- සුරා බදු ආඥාපනත යටතේ නියමය (අංක 1)
- සුරා බදු ආඥාපනත යටතේ නියමය (අංක 2)
- සුරා බදු ආඥාපනත යටතේ නියමය (අංක 3)
- සුරා බදු ආඥාපනත යටතේ නියමය (අංක 4)
- ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනත යටතේ නියමය
- නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 1)
- නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 2)
- නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 3)
- නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 4)
- විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
- ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
- රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1)
- ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
- රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1)
- විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1)
- විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2)
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය (අංක 1)
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය (අංක 2)
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය (අංක 3)
අනතුරුව, සභාව පැය 1725 ට 2009 ජනවාරි මස 06 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






