ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-12-04

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ විසිඑක් වැනි වෙන්කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය දෙසැම්බර් 03)

[අයවැය 2009]


මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

අතිගරු ජනාධිපතිතුමා විසින් 1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කරන ලද ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2008 දෙසැම්බර් මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු බවට වන යෝජනාව ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 100 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 114 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 14 ක් ප්‍රකාශ විය.


පරිපූරක මුදල - ශීර්ෂය 103 - වැඩසටහන 1: (රු. 28,067,338,000) - රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය

සභාව විසින් සම්මත කරන ලදී.
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් වේ)


පහත විෂයයන් ද සභාව විසින් සම්මත කරන ලදී:-

1. තාලියවක ශ්‍රී ආනන්ද බෝධි සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
2. එක්සත් ජනඉසුරු පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
3. පූජ්‍ය මූණමලේ ධම්මරතන ගුණානුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
4. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා ප්‍රාදේශීය මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
5. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
6. මාදම්පේ තනිවැල්ල මහා දේවාල භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම



අනතුරුව, සභාව පැය 1730 ට 2008 දෙසැම්බර් මස 05 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි