ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-12-02

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

1. "පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)"
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස.

2. "පළාත් පාලන (විශේෂ විධිවිධාන)"
මහා නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම පිණිස.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ දහනවවැනි වෙන්කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය දෙසැම්බර් 01)

[අයවැය 2009]


පරිපූරක මුදල - ශීර්ෂය 306 - වැඩසටහන 2: (රු. 1,050,000,000) - ප්‍රවාහන අමාත්‍යාංශය

සභාව විසින් සම්මත කරන ලදී.
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මිනරල් සෑන්ඩ් ලංකා ලිමිටඩ් ආයතනය විකිණීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පේමසිරි මානගේ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1730 ට 2008 දෙසැම්බර් මස 03 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි