ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-12-01

යෝජනා පිළිබඳ දැනුම්දීම

පහත දැක්වෙන විශේෂ කාරක සභා සඳහා 2009 ජුනි මස 30 වැනි දින දක්වා කාල සීමාව දීර්ඝ කළ යුතු බවට වන යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය:-
  1. මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

  2. ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

  3. මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන ව්‍යසනයන් පරීක්ෂා කර බලා ඒවා වැලැක්වීම පිණිස ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ දහඅටවැනි වෙන්කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය නොවැම්බර් 28)

[අයවැය 2009]


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"අවතැන් වූ උතුරේ මුස්ලිම් ජනතාවගේ දුක් ගැනවිලි" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එම්. ටී. හසන් අලි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි