ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-11-11

යෝජනා පිළිබඳ දැනුම්දීම

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවට 2007 නොවැම්බර් මස 28 වැනි දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - දෙවැනි වර කියවීම

විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල යටතේ අධ්‍යාපන ආයතන පිහිටුවීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලලිත් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1717 ට, 2008 නොවැම්බර් මස 13 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2009]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි