ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහය දෙවැනි වෙළුම එළිදැක්වීම ගරු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

දිනය : 2022-02-08

“පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම එළිදැක්වීම ගරු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 08 ) පාර්ලිමේන්තුවේදී සිදු විය.

මෙහිදී “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය කෘතියේ පළමු පිටපත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ගරු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමාට  පිළිගන්වන ලදි. එසේම පාර්ලිමේන්තුවේ සභානායක ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහ  ගරු ජනමාධ්‍ය ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ටද මෙම අවස්ථාවේදී “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය කෘතිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ මගපෙන්වීම යටතේ  අංශ ගණනාවක් ඔස්සේ “ පාර්ලිමේන්තු සාර සංහිතා ” ශාස්ත්‍රීය සංග්‍රහයට ලිපි ලබාගැනීම පසුගිය වසරේදී සිදු කළේය.  

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් රැසකගේ   ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.     මෙහි සමාලෝචන මණ්ඩලය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජී යෝගරාජා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහය ඉදිරියේදී දිවයිනේ පුස්තකාල වෙත සහ අවශ්‍ය පාර්ශ්ව වෙත ලබාදීමට නියමිතය.

එසේම “පාර්ලිමේන්තු සාර සංහිතා” විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවන වෙළුම සඳහාද ශාස්ත්‍රීය ලිපි කැඳවීම නිල වශයෙන් ආරම්භ කරන බව අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් මෙම අවස්ථාවේදී ප්‍රකාශයට පත්කරන ලදි. මේ අනුව අද ( 08 ) දින සිට අප්‍රේල් මස 24 දින දක්වා “ගෝලීයකරණ හා ප්‍රතිගෝලීයකරණ (Antiglobalization) ප්‍රවනතා හමුවේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය”  යන ප්‍රධාන තේමාව මත පිහිටමින් අනුතේමා 11 ක් යටතේ තෙවන වෙළුම සඳහා ශාස්ත්‍රීය ලිපි කැඳවීම සිදු වේ.  

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය නියෝජනය කරන විදවතුන්, තවත් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විද්වතුන් සහ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

 

12

34

56

78

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි