දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්ෂක උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ප්‍රදානය කෙරේ |
දිනය : | 2021-11-25 |
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කටයුතු තහවුරු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්ෂක උපකරණ තොගයක් භාර දීම අද (25) පාර්ලිමේන්තුවේදී සිදු විය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙම උපකරණ තොගය භාරදීම සිදුවිය. ගුවන් ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සදහා භාවිත කරන ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ ආරක්ෂක සන්නිවේදන උපාංග මෙම උපකරණ තොගයට ඇතුළත්ය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් එම්.ඩී.ඒ.පී. පායෝ, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් රේණුක රොවෙල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් ටී.ඩී.එස්. ද සිල්වා සහ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ මංජුල සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම උපකරණ තොගය ආනයනය කළේ නම් ඒ සදහා රු. මිලියන 19 කට ආසන්න මුදලක් වැය වන බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ සදහා වැයවී ඇත්තේ රු. මිලියන 7 කට ආසන්න මුදලක් බැවින් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
දියුණු තාක්ෂණයෙන් යුතුව දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ තොගය ලබා දීම පිළිබඳ ගරු කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ආරක්ෂක අංශ වෙත සිය ස්තුතිය පළ කළේය. එසේම මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ආරක්ෂක අංශ මෙන්ම වෙනත් ජාතික අවශ්‍යතා සඳහා දියුණු තාක්ෂණික මට්ටමේ උපකරණ නිෂ්පාදනයටත් එමගින් ජාතික ධනය සුරැකීමටත් ආරක්ෂක අංශවලට හැකියාව ඇති බවයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා අනුයුක්ත සියලු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් 2020 වසරේ ජූලි මස පැවති ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයේදී හඳුනාගත් ආරක්ෂක අවශ්‍යතාවකට අනුව මෙම උපකරණ තොගය ලබා දීම සිදුවූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙහි අරමුණ සහ පසුබිම පැහැදිළි කරමින් පැවසීය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











