සභාවේ කටයුතු |
දිනය : | 2008-10-09 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-
(i) "විසර්ජන"
2009 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා.
(ii) "ප්‍රාදේශීය සංවර්ධන බැංකුව"
1997 අංක 6 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ පිහිටුවන ලද සංවර්ධන බැංකුවල වත්කම්, වගකීම්, ගිවිසුම්, සේවා නියුක්තිකයන් යනාදිය අන්තර්ග්‍රහනය කිරීමට සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටුවීම සඳහා ද ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස.
(iii) "ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව (සංශෝධන)"
1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව පනත සංශෝධනය කිරීම පිණිස.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පරිපූරක මුදල - ශීර්ෂය 212 - වැඩසටහන 2: (රු. 441,800,000) - අධ්‍යාපන අමාත්‍යංශය
සභාව විසින් සම්මත කරන ලදී.
(අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 වශයෙන් සඳහන් වේ)
කල් තැබීමේ යෝජනාව
"රටේ වත්මන් ආර්ථික තත්වය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1620 ට 2008 ඔක්තෝබර් මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම