ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-10-07

ගරු විනයාගමූර්ති මුරලිදරන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අතිගරු ජනාධිපතිතුමා විසින් 1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කරන ලද ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2008 ඔක්තෝබර් මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු බවට වන යෝජනාව ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 84 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 98 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 14 ක් ප්‍රකාශ විය.


අද දින න්‍යාය පත්‍රයේ අංක 35, 36 සහ 37 දරන විෂයයන් ද සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, සභාව පැය 1634 ට 2008 ඔක්තෝබර් මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි