ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-09-23

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"ඉන්දීය සම්භවයක් සහිත තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (සංශෝධන)" පනත් කෙටුම්පත

අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් 2003 අංක 35 දරන ඉන්දීය සම්භවයක් සහිත තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

"අදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)" පනත් කෙටුම්පත

අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් 1988 අංක 39 දරන අදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

"ඉඩම් සංවර්ධන ආඥාපනත (සංශෝධන)" පනත් කෙටුම්පත

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (සංශෝධන)" පනත් කෙටුම්පත

ප්‍රවාහන අමාත්‍යතුමා විසින් 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


යෝජනා පිළිබඳ දැනුම්දීම

උපදේශක කාරක සභා

ස්ථාවර නියෝග 106 හි විධිවිධානවල සහ 2008.07.08 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද, රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ උපදේශක කාරක සභාව, තේරීම් කාරක සභාව‍ට විසින් පත් කරනු ලබන පස් (05) දෙනෙකුට නොඅඩු සහ තිස් තුන් (33) දෙනෙකුට නොවැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 128 හි විධිවිධානවල සහ 2008.07.08 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් තුන් (33) දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

"1981 අංක 43 දරන ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"

ගරු නිරූපමා රාජපක්ෂ මහත්මියට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මිහින් එයාර් ගුවන් සේවය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1630 ට 2008 සැප්තැම්බර් මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි