ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-09-11

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"ජාතික මංමාවත්" පනත් කෙටුම්පත

අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ මහා මාර්ග පද්ධතියක් සැලසුම් කිරීම, සැලසුම් සකස් කිරීම, ඉදි කිරීම, සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ද; මහා මාර්ග ඉදිකිරීම, සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා පෞද්ගලික ආ‍යෝජනය ලබා ගැනීම පහසු කරවීමට අවශ්‍ය නීති පද්ධතියක් සකස් කිරීම සඳහා ද; මාර්ග සංවර්ධනය සහ නඩත්තු කිරීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ද; මාර්ග සහ මහා මාර්ග ඉදිකිරීමේ, නඩත්තු කිරීමේ සහ කළමනාකරණය කිරීමේ යෙදී සිටින ප්‍රජා මූල සංවිධාන දිරිමත් කිරීම සහ ඒවාට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ද; ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත්‍ කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී :-
  • රාජ්‍ය කාර්මික සංස්ථා පනත යට‍තේ නියෝගය (අංක 1)

  • රාජ්‍ය කාර්මික සංස්ථා පනත යට‍තේ නියෝගය (අංක 2)

  • ජාතික පාරිසරික පනත යටතේ නියමය

  • ජාතික පාරිසරික පනත යටතේ නියෝග

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"හොරණ ශ්‍රීපාලි මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පියසිරි විජේනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1600 ට 2008 සැප්තැම්බර් මස 12 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි