ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2021-07-08

බැසිල් රෝහණ රාජපක්ෂ  මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව නම් ගමෙහි 1951 වසරේදී උපත ලද බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. 2007 සැප්තැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඔහු ඉන්පසු ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

අනතුරුව 2010 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ වඳිමින් මනාප ජන්ද 4,25,861 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. හත්වන පාර්ලිමේන්තුවේද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස හෙතෙම තවදුරටත් කටයුතු කළේය.

පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර රාජපක්ෂ මහතා වසර 2005 සිට 2010 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය.

බැසිල් රාජපක්ෂ මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ද්විතීයික අධ්‍යාපනය ලැබීය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි