ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-09-09

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා (ඉවත් කිරීමේ)" පනත් කෙටුම්පත

අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් 1996 අංක 1 දරන ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ඉවත් කිරීම සඳහා ද, 1996 අංක 1 දරන ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ඉවත් කිරීමට ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

"තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (සංශෝධන)" පනත් කෙටුම්පත

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා විසින් 2003 අංක 27 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත සංශෝධනය කිරිම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

"වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක(සංශෝධන)" පනත් කෙටුම්පත

පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යතුමා විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අතිගරු ජනාධිපතිතුමා විසින් 1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කරන ලද ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2008 සැප්තැම්බර් මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු බවට වන යෝජනාව ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 110 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 11 ක් ප්‍රකාශ විය.


අනතුරුව, සභාව පැය 1727 ට 2008 සැප්තැම්බර් මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි