ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2021-04-09

ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ, ගරු අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
අනතුරුව හෙතෙම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහා මාන්නප්පෙරුම මහතා පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එතුමාගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරුණි.

2002-2009 කාල සීමාව තුල ගම්පහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ හෙතෙම 2009-2013 කාල සීමාව තුළ බස්නාහිර පළාත් සභාව ද නියෝජනය කළේය. 2015 වසරේ එක්සත් ජාතික පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට පාර්ලිමේන්තුවට පිවිසීමට ද ඔහුට හැකි විය.  2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී හෙතෙම සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ 05 වැනි ස්ථානයට තේරී පත් විය.

ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන්, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ මාන්නප්පෙරුම මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ද හිමිකර ගෙන තිබේ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි