ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (23) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
පාර්ලිමේන්තුවේදී පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ තානාපති කාර්යාලයේ පලමු ලේකම් සිඩෝනියා ගේබ්රියල් මහත්මියද සහභාගී වුහ.