ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-08-05

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"ජාතික පේෂකර්ම හා ඇඟලුම් ආයතනය" පනත් කෙටුම්පත

කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමා විසින් ජාතික පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; පේෂකර්ම හා නිමි ඇඳුම් කාර්මාන්තය සංවර්ධනය කිරීමට සහ එහි තිරසාරභාවය සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද; දේශීය හා විදේශීය ශිෂ්‍යයන් උදෙසා පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණය, කළමනාකරණය කිරීම සහ අදාළ ක්ෂේත්‍ර පිළිබඳව පුහුණු පාඨමාලා පැවැත්වීම පිණිස ද; විදේශ රටවල් සඳහා තාක්ෂණික හා උපදේශන සේවා සැපයීම පිණිස ද; 1984 අංක 3 දරන ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත අභ්‍යාස ආයතනය පනත සහ 1984 අංක 4 දරන පේෂකර්ම අභ්‍යාස සහ සේවා මධ්‍යස්ථානය පනත ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඊට සම්බන්ධ සහ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"ලසන්ත අලගියවන්න පදනම (සංස්ථාගත කිරීමේ)"

ගරු (පූජ්‍ය) කොටපොල අමරකිත්ති හිමියන්ට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී :-

(i) සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) කැලෑ ආඥා පනත යටතේ නියෝග



කල් තැබීමේ යොජනාව

"යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම (CEPA)" සම්බන්ධ කල් තැබීමේ යෝජනාව ගරු විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1658 ට 2008 අගෝස්තු මස 06 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි