ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ

දිනය : 2021-03-09

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය (slwpc.org) එළිදැක්වීම අද (09) පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

මෙම අවස්ථාවට මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඔවුන්ට අමතරව ගරු සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි කුෂාණී රෝහණධීර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඊට සහභාගි වූහ.

 

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි