ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සම්මේලනයේ (CSPOC) ස්ථාවර කමිටු රැස්වීමේ සැසිවාරයට කථානායකවරයා සහභාගී වෙයි

දිනය : 2021-01-19

ඊයේ (18) මාර්ගගත ක්‍රමයට  පැවත්වූ (online) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සම්මේලනයේ ස්ථාවර කමිටු රැස්වීමේ  සැසිවාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී විය. ඔහු මෙම රැස්වීමට ආසියා කලාපයේ නියෝජිතයා ලෙස සහභාගී විය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සම්බන්ධ විය. අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, කැනඩාව, කැරිබියන් දූපත්, ඉන්දියාව හා අග්නිදිග ආසියාව ඇතුළු  කලාප 9 ක කථානායකවරු  සහ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ස්ථාවර කාරක සභාවේ මෙම රැස්වීම මෙසේ මාර්ගගත ක්‍රමයට පැවැත්වූයේ COVID-19 වසංගතය හේතුවෙනි. 26 වන CSPOC සමුළුව 2022 ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී පැවැත්වීමට නියමිතය.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි