ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-07-22

ගරු හසන් අලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. පනත් කෙටුම්පත් පිළිගැන්වීම 'නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය" පනත් කෙටුම්පත නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යතුමා විසින් නාගරික ජනාවාස සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවට සහතික වීම සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සඳහා ද; තිරසාර නාගරික ජනාවාස සංවර්ධනයක් ඇතිවන බවට සහතිකවීම පිණිස දැනට පවතින නිවාස ඒකක වැඩි දියුණු කිරිම මගින් හෝ වඩාත් යහපත් නිවාස පහසුකම් සහ අවම නාගරික පහසුකම් සඳහා ප්‍රවේශය සැලසීම මගින් සේවා පහසුකම් අඩු නාගරික ජනාවාසවල වෙසෙන තැනැත්තන්ගේ ජීවන තත්ත්ව නගාසිටුවීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතු පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී; (i) පරිපූරක මුදල - ශීර්ෂය 112 - වැඩසටහන 2: (රු. 2,880,180,332) (ii) 1981 අංක 4 දරන කොන්සියුලර් කර්තව්‍ය පනත යටතේ කොන්සියුලර් සේවා සඳහා අය කරනු ලබන ගාස්තු සම්බන්ධයෙන් වූ නිවේදනය සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව "මඩු පල්ලියේ ආගමික කටයුතු නැවත ආරම්භ කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජයලත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අනතුරුව, පැය 1627 ට පාර්ලිමේන්තුව 2008 ජූලි මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි