ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-07-10

ගරු රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

i. නිෂ්පාදන බදු සම්බන්ධ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නියමය

ii. ආදායම් බදු සම්බන්ධ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 24ඈ(2) වැනි වගන්තිය යටතේ නියෝගය

iii. ආදායම් බදු සම්බන්ධ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 23(1) (ඇ) වැනි වගන්තිය යටතේ නියෝගය

iv. ආදායම් බදු සම්බන්ධ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 212 වැනි වගන්තිය යටතේ නියෝගය

v. වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධ 2002 අංක 11 දරන මුදල් පනතේ 2 වැනි වගන්තිය යටතේ නියෝගය

vi. මුද්දර ගාස්තු සම්බන්ධ 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 5 වැනි වගන්තිය යටතේ නියෝගය

vii. ආර්ථික සේවා ගාස්තු සම්බන්ධ 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ 12 වැනි වගන්තිය යටතේ නියෝගය

viii. සහල් අපනයනය සඳහා අවම මිලක් නියම කරමින් 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත්වලින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3), 14 හා 20 වැනි වගන්ති යටතේ රෙගුලාසි

ix. 2006 අංක 47 දරන විසර්ජන පනත යටතේ යෝජනා හතක්


ඉහත සියලු විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල සඳහා විශ්වවිද්‍යාල සිසුන් ඇතුලත් කර ගැනීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1628 ට 2008 ජූලි මස 11 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි