සභාවේ කටයුතු

දිනය : 2008-07-09

Print
යෝජනා පිළිබඳ දැනුම්දීම

උසස් නිලතල පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 128 (අ) හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.


කල් තැබීමේ යෝජනාව

"පවතින ජීවන අර්බුදයට පිළියම් ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම" සම්බන්ධ කල් තැබීමේ යෝජනාව ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1632 ට 2008 ජූලි මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.