සභාවේ කටයුතු

දිනය : 2008-07-08

Print

ගරු පියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ධුරයට තෝරා පත්කර ගන්නා ලදී.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"සිවිල් ගුවන්‍ සේවා පනත් කෙටුම්පත"

වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යතුමා සහ වරාය සහ ගුවන් සේවා අමාත්‍යතුමා විසින් සිවිල් ගුවන් සේවාව විධිමත් කිරීම පාලනය කිරීම සහ සම්බන්ධිත කාරණා සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්වීම; අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය බලාත්මක කිරීම; සහ ඊට සම්බන්ධ වු හා ඊට ආනුෂංගික වූ කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


යෝජනා පිළිබඳ දැනුම්දීම

උපදේශක කාරක සභා සහ ස්ථාවර කාරක සභා(ව්‍යවස්ථාදායක)

මතු දැක්වෙන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය;

(අ) මතු දැක්වෙන පරිදි උපදේශක කාරක සභා පනස් ‍ පහක් (55) පත්කළ යුතු ය.

පිළිවෙළින්:-
1. ආගමික කටයුතු හා සදාචාර වර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
2. රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ උපදේශක කාරක සභාව,
3. මුදල් හා ක්‍රම සම්පාදන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
4. ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
5. අභ්‍යන්තර පරිපාලන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
6. වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
7. අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
8. සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
9. වරාය හා ගුවන් සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
10. ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
11. මහාමාර්ග හා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
12. කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
13. අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
14. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
15. තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
16. තැපැල් හා විදුලි සංදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
17. නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
18. සමාජ සේවා හා සමාජ සුභසාධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
19. නිවාස හා පොදු පහසුකම් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
20. ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
21. ජල සම්පාදන හා ජලාපවහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
22. විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
23. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
24. නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
25. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
26. අතිරේක වැවිලි භෝග සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
27. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
28. අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
29. විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
30. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
31. ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
32. ජනතා වතු කළමනාකරණ හා සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
33. ඉඩම් හා ඉඩම් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
34. තරුණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
35. ජනමාධ්‍ය හා තොරතුරු පිළිබඳ උපදේශක කාරක සභාව,
36. දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
37. කම්කරු සබඳතා හා මිනිස් බල කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
38. ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
39. වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
40. ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ උපදේශක කාරක සභාව,
41. ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා පිළිබඳ උපදේශක කාරක සභාව,
42. සංචාරක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
43. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
44. වෘත්තීය හා කාර්මික පුහුණු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
45. ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
46. පළාත් පාලන හා පළාත් සභා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
47. ධීවර හා ජලජ සම්පත් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
48. පශු සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
49. විදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
50. සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ උපදේශක කාරක සභාව,
51. උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
52. වාරිමාර්ග හා ජල කලමනාකරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
53. කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
54. ප්‍රවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
55. පරිසර සහ ස්වභාවික සම්පත් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,

අංක 109 දරන ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් උපදේශක කාරක සභාව පස් දෙනෙකුට (05) නොඅඩු සහ තිස් එක් දෙනෙකුට (31) නොවැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.

එක් එක් උපදේශක කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීන් තිදෙනෙකු (03) අවශ්‍ය විය යුතුය.


(ආ) පිළිවෙළින් "ඒ" ස්ථාවර කාරක සභාව සහ "බී" ස්ථාවර කාරක සභාව යනුවෙන් හැඳින්විය යුතු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා දෙකක් පත් කළ යුතු ය.

එක් එක් කාරක සභාවක් මන්ත්‍රීන් තිස්එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු අතර, යම්කිසි විශේෂිත පනත් කෙටුම්පතක් සලකා බැලීම පිණිස අතිරේක වශයෙන් මන්ත්‍රීන් පහළොවකට (15) නොවැඩි ගණනක් එක් කාරක සභාවකට පත් කිරීමට කථානායකතුමාට බලය තිබිය යුතු ය.

එක් එක් ස්ථාවර කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීන් හත් දෙනෙකු (07) අවශ්‍ය විය යුතුය.

ගෘහ්‍ය කාරක සභාව

ස්ථාවර නියෝග 122 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, ගෘහ්‍ය කාරක සභාව, කථානායකතුමා සභාපති වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 123 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, කථානායකතුමා සභාපති වූ ද, නියෝජ්‍ය කථානායකතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 124 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකතුමා සභාපති වූ ද, නියෝජ්‍ය කථානායකතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, පාර්ලිමේන්තුවේ සභානායකතුමා, විපක්ෂනායකතුමා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 125 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 126 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 127 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 128 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.


ගරු පියසිරි විජේනායක මහතාට "අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සමාගම්, රජයට අයත් ව්‍යාපාරික ආයතන සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීම සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා වූ" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අතිගරු ජනාධිපතිතුමා විසින් 1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කරන ලද ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2008 ජුලි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු බවට වන නියෝගය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 97 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 111 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 14 ක් ප්‍රකාශ විය.


යුද හමුදා පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, සභාව පැය 1635 ට 2008 ජූලි මස 09 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.