ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-06-06

ගරු නීල් රූපසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ"

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් දැක්වීම සහ එම අයිතිවාසිකම් සහ හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිණිස ද; වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අදාළ සුදුසු ජාත්‍යන්තර ප්‍රතිමාන සහ යහපත් ප්‍රතිපත්ති බලාත්මක කිරීම පිණිස ද; අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීම සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක අංශය පිහිටුවීම පිණිස ද; අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදී.


යෝජනා පිළිබඳ දැනුම්දීම

තේරීම් කාරක සභාව

ස්ථාවර නියෝග 121 හි කුමක් සඳහන්ව තිබුණ ද, පවත්නා සැසිවාරයේ සේවය සඳහා වන තේරීම් කාරක සභාව, කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් වන, පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජිකයින් විසිතුන් දෙනෙකුගෙන් (23) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2008 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාල සීමාව දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2008 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාල සීමාව දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන ව්‍යසනයන් පරීක්ෂා කර බලා ඒවා වැළැක්වීම පිණිස ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2008 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාල සීමාව දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

"1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය"

සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, සභාව පැය 1525 ට 2008 ජූනි මස 17 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි