ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-06-05

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සභානායක සහ සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා කීර්තිමත් තනතුරක් වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරයට තේරී පත්වීම නිමිත්තෙන් සමස්ත පාර්ලිමේන්තුව වෙනුවෙන් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඔහු වෙත සුභාශිංසන පළ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමා විසින් 1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කරන ලද ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2008 ජුනි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු බවට වන නියෝගය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 87 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 106 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 19 ක් ප්‍රකාශ විය.

අනතුරුව, සභාව පැය 1740 ට 2008 ජූනි මස 6 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි