ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

දිනය : 2020-02-24

ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම අද (24) පාර්ලිමේන්තුවේදි සිදු විය.

 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධමිමික දසනායක මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

 

මෙම ගිවිසුම යටත් විශ්වවිද්‍යාල විසින් හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරන පර්යේෂණ, සම්මන්ත්‍රණ පත්‍රිකා ආදී සියල්ලක්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පරිහරණය සඳහා ලබා දෙනු ඇත.

 

එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විවිධ කාර්යයන් සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහය ලබාගැනීමටත්, පිළියෙල කරන ග්‍රන්ථ පරිහරණය කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.

 

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මහතා මෙම ගිවිසුම හරහා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ආංශික අධීක්ෂණ කාරක සභා, කෝප් කමිටුව ආදි කමිටු ක්‍රියාකාරකම්වලට ඉන් මහත් පිටුවහලක් වනු ඇති බව සඳහන් කළේය.

 

විශ්වවිද්‍යාල පර්යේෂණයන් නිසි ලෙස තම කටයුතුවලට යොදාගන්නා‍ සේම ගරු මන්ත්‍රිවරුන් ලෙස ආමන්ත්‍රණය කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන්නැයි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කථානායකවරයා පැවසීය.

 

මෙහිදි අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙය ඵෛතිහාසික බවත් පළමුවරට අධ්‍යයන කාර්යමණ්ඩලය පාර්ලිමේන්තුව සමග එක්වන බවත්, සඳහන් ‍කළේය.

 

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පර්යේෂකයන්ට තම සොයාගැනීම් ප්‍රතිපත්ති සම්පාදකයන් සමග බෙදාහදා ගන්නා මෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කරන ලදි.

 

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුන් ඇතුළුව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය නියෝජනය කරමින් විද්වතුන් ගණනාවක් එක්ව සිටියහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි