[මාධ්‍ය නිවේදනය] මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්ට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය |
දිනය : | 2019-10-16 |
මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් සමන් ශ්‍රී රත්නායක මහතාගේ නම අනුමත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (15) ඒකමතිකව තීරණය කළේය.
මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමැතිය සඳහා සමන් ශ්‍රී රත්නායක මහතාගේ නම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබිණි.
මේ අතර අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙක් ලෙස මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතාගේ නම අනුමත කිරීමටද ව්‍යවස්ථා සභාව ඒකමතිකව තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතාගේ නම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබිණි.
ව්‍යවස්ථා සභාව ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේ රැස්වීම් ශාලාවේදී ඊයේ (15) සවස 6 ට රැස්විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






