‘Anura Bandaranaike - Legacy in the Legislature 1977-2008’ නමැති කෘතියේ පිටපතක් බාරදීම |
දිනය : | 2019-09-24 |
‘අනුර බණ්ඩාරනායක - ලෙගසි ඉන් ද ලෙජිස්ලේෂර් 1977-2008’ නමැති කෘතියේ පිටපතක් එහි සංස්කාරක හා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෝර්ජ් අයි. එච්. කුක් මහතා විසින් පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා වෙත 2019 සැප්තැම්බර් මස 24 වැනිදා පිළිගන්වන ලදී. බණ්ඩාරනායක මහතාගේ 70 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද මෙම ග්‍රන්ථය, ඔහුගේ පාණ්ඩිත්‍යයේ ස්මරණයක් මෙන්ම ඔහු සතුව තිබූ විභවයේ ආවර්ජනයක් ද වේ.
දශක තුනක් පුරා ව්‍යවස්ථාදායකයේ විවිධ නිලතල දරමින් ඔහු විසින් කරන ලද විශේෂිත කතා මෙම ප්‍රකාශනයේ අන්තර්ගත වේ. සිය පාර්ලිමේන්තු දිවිය තුළ ජාත්‍යන්තර කටයුතු, ව්‍යවස්ථා සංශෝධන, සුවිශේෂී පනත් කෙටුම්පත්, අමාත්‍යාංශ වැය ශීර්ෂ සහ පාර්ලිමේන්තු කටයුතු මෙන්ම ශෝක ප්‍රකාශ යෝජනා පිළිබඳව ඔහු සිදුකළ කථා නියෝජනය වන ලෙස ප්‍රවර්ගීකරණය කරන ලද මෙම කෘතියෙහි ඔහුගේ අභාවයෙන් අනතුරුව පැවැත්වුණු ශෝක ප්‍රකාශ යෝජනාවෙහි දී පාර්ලිමේන්තු සගයන් විසින් සිදුකළ කතා ද ඇතුළත් ය.
1977 දී නුවරඑළිය-මස්කෙලිය මන්ත්‍රීවරයා ලෙස මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගරු අනුර බණ්ඩාරනායක මහතා, ලාබාලතම විපක්ෂනායකවරයා ලෙසත්, 2000 සිට 2001 දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසත් කටයුතු කළ අතර, විදේශ කටයුතු, උසස් අධ්‍යාපන, සංචාරක සහ ජාතික උරුමයන් ආදී විවිධ අමාත්‍ය ධුරයන් ද දැරීය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









