ළමුන් සඳහා වන 3 වැනි දකුණු ආසියානු පාර්ලිමේන්තු පීඨිකා රැස්වීම |
දිනය : | 2019-09-05 |
3 වන දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ රැස්වීම (3rd South Asia Parliamentarian Platform Meeting), 2019 සැප්තැම්බර් 2 හා 3 දිනවල දී යුනිසෙෆ් (UNICEF) සමග සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ දී පවත්වන ලදී.
දකුණු ආසියාවේ ළමුන් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සහ නිම නොකළ න්‍යාය පත්‍රවල වර්තමාන තත්ත්වය ඉස්මතු කරමින් සියලු දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීමේ ප්‍රධාන අභියෝග කෙරෙහි සියලු රටවල නියෝජිතයන්ගේ ඉදිරිපත්කිරීම්වලදී විශේෂ අවධානය යොමු වූ අතර තරුණ නියෝජිතයන් ද සිය අදහස් දක්වන ලදී.
“දකුණු ආසියාවේ ළමා අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා තිර ක්‍රියාමාර්ග ගැනීමේ කොළඹ ප්‍රකාශයට” සියලු රටවල් අත්සන් තැබූ අතර කලාපයේ සියලුම රටවල් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් විය යුතු බවට වූ ශ්‍රී ලංකා නියෝජිතයින්ගේ යෝජනාව සියලුම රටවල සියලුම නියෝජිතයන් විසින් ඒකමතිකව අනුමත කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම













