විශිෂ්ට කාර්යසාධනයක් අත්පත් කරගත් රාජ්‍ය අයතන ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය |
දිනය : | 2019-07-08 |
2018 මූල්‍ය වර්ෂය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට ලක් වන ආයතනවල මූල්‍ය කාර්යසාධනය ඇගයීම සඳහා සකස් කර ඇති පරිගණක තොරතුරු කළමනාකරණ පද්ධතියේ දෙවන අදියර දියත් කිරීම හා 2017 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් අත්පත් කර ගත් ආයතන ඇගයීම සඳහා සම්මාන ප්‍රදානෝත්සවයක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට ලක්වන සියලු රාජ්‍ය ආයතන, පළාත් සභා හා පළාත්පාලන ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් 2019 ජූලි මස 05 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මැතිතුමා හා කාරක සභාවේ ගරු සභික මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 2017 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට කාර්යසාධන මට්ටමක් අත්පත් කර ගත් ආයතන ප්‍රධානීහු 108ක් මෙම උත්සවයේදී සම්මාන ලබා ගත්හ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














