පාර්ලිමේන්තුව සිය “අන්තඃජාල ජංගම යෙදුම” දියත් කරයි |
දිනය : | 2019-04-17 |
පාර්ලිමේන්තුව අද සිය අන්තඃජාල කටයුතුවලට ආධාර වන ජංගම යෙදුමක් (mobile app) දියත් කළේය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට සහ කාර්යමණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාට එය නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී.
මෙම යෙදුම පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ අන්තඃජාල වෙබ් බිහිදොර වන “iParliament” මතින් නිර්මාණය වී ඇති අතර එයට පහසුකම් සලස්වයි. මහලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්හට තමන්ගේ පරිශීලක නාමය ඇතුළත් කර ඊට පිවිසිය හැකි අතර, පුද්ගලික විස්තර, දිනපතා පැමිණීම, වැටුප්, නිවාඩු, ණය ආදී තොරතුරු යෙදුම තුළින් ලබාගත හැකිය.
මෙම යෙදුම නිර්මාණය හා සංවර්ධනය කරන ලද්දේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසිනි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









