ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පාසල් යන දූ දරුවන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය

දිනය : 2018-12-12

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්ගේ පාසල් යන දූ දරුවනට ශිෂ්‍යත්ව සහ පොත්පත්, පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් පිට පිට දෙවැනි වරටත් පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ අනුග්‍රහයෙන් හා සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 11 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 2017 වසරේදී මුල්වරට පැවැත්වුණු මෙය සංවිධානය කරන ලද්දේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සුබසාධන හා විශේෂ ව්‍යාපෘති කමිටුව විසිනි.

 

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන්ට පාසල් උපකරණ, පොත්පත්, පාසල් බෑග්, පාවහන් ආදිය සඳහා වවුචර පත් පිරිනමන ලද අතර, ජාතික මට්ටමේ විභාගවල දී උසස් දක්ෂතා දැක්වූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනික හා බාහිර ක්‍රියාකාරකම් කටයුතු දිරිමත් කිරීමේ අභිප්‍රායෙන් ඔවුනට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

 

නියෝජ්‍ය කථානායක ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමා, සහකාර මහලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ දරුවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

1 2

3 4

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි